අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කරනු ඇති.
මේ අතර ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ හේතුවෙන් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.
උණුසුම් පුවත්
- අලි ටෙලිෆෝන් මඟුල ස්ථිර වෙයි ! – VIDEO –
- මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ක ආරක්ෂිත පැති බැම්ම කැඩෙයි
- CID වෑන් එකක් ලොරියක ගැටෙයි – පහක් රෝහලට
- අයහපත් කාලගුණයෙන් පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට කල් යයි
- අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
- පීඩාවට පත් ජනතාවට සහන සලසන ලෙස ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
- ආපදා වලින් මිය ගිය පුද්ගලයන්ට රජයෙන් ලක්ෂ 10ක වන්දියක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරේ.













