ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා සලකුණින් තරග කිරීම නිසා පළාත් පාලන ආයතන ගණනාවක සභිකයන් රැසක් තේරී පත්වී ඇති බවයි.
පළාත් පාලන අයාතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය සහ තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් එම සාකච්ඡාවල ඇති කරගන්නා එකඟතාවයන්වලට අනුකූලව තම පක්ෂයේ සහයෝගය එම පාර්ශ්වය වෙත ලබාදෙන බවත් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයාතනවලට තරගකර තේරී පත්වූ සභිකයින් 69 දෙනෙකු පසුගිය 6 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා.
කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමහන් මහතා ඉදිරියේදී එම සභිකයන් දිවුරුම් දෙනු ලැබුවා.