ඇමරිකාව සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩුකරගැනීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබාගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ.
ඔහු මේ බව පැවසුවේ ඇමරිකානු තීරු බදු ක්‍රියාත්මක කිරීමේ දී මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳ අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදුකරගැනීමට රජය අපේක්ෂා කරන බවයි.