වී සදහා සහතික මිලක් ලබා දීමේ කැඩිනට් පත්‍රිකාවක් එළඹෙන සදුදා ඉදිරිපත් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ වී අස්වනු නෙළීමෙන් අනතුරුව රටේ ජනතාවට පාලන මිලක් යටතේ සහල් මිලදී ගැනීමට හැකි වන බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ.