මැයි 02 සිට ලබන 8 වනදා දක්වා රජය විසින් බදු ශක්ති නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනයේදී සිදු වුණා.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී මෙම බදු සතියට සමගාමීව අද සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මගින් බදු ගෙවන්නන් දැනුවත් කරන බවයි
එහිදී ජංගම බදු සේවා පැවත්වීමට ද කටයුතු යොදා තිබෙන අතර මීට අමතරව අනිද්දා සිට බදු සම්බන්ධ ගැටලු වලට පිළිතුරු ලබා දීමට දේශීය ආදායම් නිලධාරීන් වීථී සංචාරය කිරීමට ද නියමිතයි.