කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි රක්ෂිතයේ අද හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වනවා.
ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිළධාරින් පවසන්නේ.
රක්ෂිතයේ ස්ථාන කිහිපයකටම ගින්න පැතිර ගොස් ඇති බවයි පවසන්නේ.