යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට පසුගිය මස අට වනදා අනවසරයෙන් ඇතුළු වූ ධීවර යාත්‍රාවේ බෝට්ටුකරුට අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 40ක දඩයක් ගෙවන ලෙස නියෝග කෙරුණා
ඒ, ඔහු ඇතුලු අත්අඩංගුවට ගත් අනෙකුත් ඉන්දීය ධීවරයින් දස දෙනා ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථවේදී බවටයි වාර්තා වන්නේ
එහි සිටි ධීවරයින් හත් දෙනෙකුට මාස හය බැගින් වූ සිරදඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර දෙකකට අත්හිටුවීමට නියේග කළා
ඉතිරි සැකකරුවන් දෙදෙනා බාල වයස්කාර පුද්ගලයන් වීම හේතුවෙන් නිදහස් කෙරුණේ අවවාද කිරීමෙන් අනතුරුවයි