ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටිනවා.
ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකියි.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළඟ
සුළං නිරත දිශාවෙන් හමා එයි.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 35ක් පමණ වේ.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ත් 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.