Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්

    10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්

    2025-06-08කියවීමට මිනිත්තු 3ක් ගතවේ.120 නැරඹු​ම්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

    මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

    උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටිනවා.

    ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකියි.

    මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සුළඟ

    සුළං නිරත දිශාවෙන් හමා එයි.

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 35ක් පමණ වේ.

    හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.
    මුහුදේ ස්වභාවය

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ත් 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

    මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

    පෙර පුව​තඅබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
    ඊළඟ පුව​ත අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group