අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ටී. ජෝන් ක්වින්ටන්ස් මහතා මේ මස පළමුවනදා සිට විශ්‍රාම ලබා ඇත්ගි බවටයි වාර්තා වන්නේ
ඒ අනුව, එම තනතුර සඳහා දැනට අතිරේක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඩී. ඒ. සුභාෂිණි දෙමටගොඩ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










