ශ්‍රී ලංකාවේ ධනවත්ම සමූපකාර සමිතිය ලෙස සැලකෙන කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබෙනවා.
සභිකයන් 100 දෙනෙකුගෙන් සමන්විත මෙම සමුපකාර සමිතියේ මැතිවරණය පසුගියදා පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 42ක්ද සමගි ජන බලවේගය සභික ධුර 18ක්ද ලබාගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සභික ධුර 4ක්ද වෙනත් සුළු පක්ෂ සභික ධුර 4ක්ද ලබාගැනීමට සමත් වූවා.
ආණ්ඩුව නියෝජනය කරන මාලිමා අපේක්ෂකයන්ට ලබාගැනීමට හැකිවූයේ සභික ධුර 32ක් පමණයි.
අක්කර සිය ගණනක තේ සහ පොල් වතු සහ තවත් විශාල දේපළ මෙම සමුපකාර සංගමයට අයත් වනවා.
පොහොට්ටුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ සමුපකාරයේ බලය ආණ්ඩුවෙන් ගිලිහීමත් සමග බලය රැක ගැනීමට විවිධ උපක්‍රම ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය විසින් යොදමින් සිටින බවයි.













