අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදීයි.
එහිදී නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාව පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ද සිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
- ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මියයයි
- අවම උෂ්ණත්වය නුවරඑළියෙන්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට













