2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී විදෙස් සංචාරකයින් තිස් හයදහස් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
දොළොස් ලක්ෂ හාරදහස් හතලිස් හයක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සදහන් වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී මෙරට සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71 ක් බවයි.
උණුසුම් පුවත්
- වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට කථානායකගෙන් අවවාද
- හොරණ විශේෂ රථ වාහන පරීක්ෂාවක්
- පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනා
- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා
- මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට ඇප
- ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිලට වෙච්චි දේ
- ලාංකිකයන් සඳහා රටවල් රැසකින් විශාල රැකියා අවස්ථාවන්