පොතුවිල්, හුලංනුගේ 12 කණු ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ලාහුගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පොතුවිල් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට සැකපිට වයස අවුරුදු 59ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












