සීගිරිය කැටපත් පවුරේ ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීගිරිය සැලකෙන්නේ ලොව අටවන පුදුමය ලෙසින්.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක් මිතුරියන් පිරිසක් සමග සීගිරියේ සංචාරයකට පැමිණ සිටියදී මෙම අභාග්‍ය සම්පන්න ක්‍රියාව සිදු කර තිබෙනවා.
ඇය කැටපත් පවුරේ අගනා කාව්‍යමය ලියැවුම්වලට හානි කරමින් සිය නම ලියන විට පුරාවිද්‍යා නිලධාරීන් එම තරුණිය අල්ලාගෙන තිබෙනවා.
ඇයගේ ක්‍රියාවෙන් කැටපත් පවුරුට දැඩි හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් තරුණිය සීගිරිය පොලිස් ස්ථානයේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අතර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.