බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
- ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
- විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්
- දකුණු කොරියානු තානාපතිනි හා ටිල්වින් සිල්වා අතර හමුවක්
- ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
- පොලිස් නිලධාරියාට වතුර බෝතලෙන් ගැහුව සැකකරු රිමාන්ඩ්
- අස්ගිරි පාර්ශ්වයේ අනුනායකය ධුරයට ආනන්ද හිමි පත්වෙයි