පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පල කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. මෙම වෙඩි තැබීම කුඩු සළිඳු සහ නිලංග නැමැත්තා අතර ඇති වූ ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවටයි පොලීසිය සැක පල කරන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














