පානදුර, හිරණ පොලිස් වසමේ, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පල කරනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. මෙම වෙඩි තැබීම කුඩු සළිඳු සහ නිලංග නැමැත්තා අතර ඇති වූ ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවටයි පොලීසිය සැක පල කරන්නේ.
උණුසුම් පුවත්
- කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
- විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ
- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
- ඉෂාරාට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
- වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
- ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ඇරඹෙයි
- සහල් සඳහා උපරිම සිල්ලර මිලක්