පළාත් පාලන ආයතන සියල්ල පිහිටුවීමෙන් අනතුරුව පලාත් සභා ඡන්දයද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය පවසනවා.
ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු පලාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සබා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා කියා සිටියේ.
පළාත් සභා ඡන්දයට අදාළ සීමානිර්ණ ගැටලුව මෙතෙක් අවසන් වී නොමැති බවත් මැතිවරණ කල් දැමීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ඒ අනුව පලාත් සබා ඡන්දයද පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.