නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු ඖෂධ තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු කැබ් රථ දෙකක් පරීක්ෂාවට ලක්කළ බවයි නාවික හමුදාව පවසන්නේ.
එම කැබ් රථ දෙකේ අසුරා තිබියදී නීති විරෝධීව ආනයනය කළ එනසාල් කිලෝ 300ක්, කහ කඩු කිලෝ 260, වියළි ඉඟුරු කිලෝ 273 ඇතුලු කුළුබඩු ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු සමග කැබ් රථ දෙකද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.