උතුරු පළාතේ සියළු හෙද නිලධාරීන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඒ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට හා අතිකාල දීමනා කප්පාදුවට එරෙහිවයි.
එම වැඩවර්ජනය අද පෙරවරු 7.00 සිට උතුරු පළාතේ සියළුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ.













