පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට උතුරින් පිහිටි පැටාස් පළාතේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පතලේ පාලනය අත්පත් කරගෙන සිටි අපරාධ කල්ලියක් විසින් මෙම කම්කරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම මෙම අපරාධ කල්ලි සාමාජිකයින් විසින් පැහැරගත් පිරිස සතියක කාලයක් තිස්සේ ප්‍රාණ ඇපයට තබාගනිමින්, ඔවුන්ගේ පවුල්වලට තර්ජනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.