ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත් කිරීමේ පාගමනක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක වනවා.
ඉන් අනතුරුව පෙරවරු 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සියලු කටයුතු නොමිලේ සිදුකරන බවයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සදහන් කලේ.













