2025 වසරේ ලොව හොඳම පවුල්-හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශේණිගත කර තිබෙනවා.
ලොව සුප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙලෙස ශේණිගත කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් , ජෛව විවිධත්වය ඓතිහාසික උරුමයන් මෙන්ම විශිෂ්ඨ ආගන්තුක සත්කාර ආදිය මෙම ශේණිගත කිරීමට හේතුවී ඇති බවයි එම සගරාව සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ පවුල් හිතකාමී බැදීම මෙම සඟරාව විශේෂයෙන් අගය කර තිබෙනවා.
ස්වීඩනය, නෝර්වේ සහ නවසීලන්තය වැනි රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන බොහෝ පවතින බවයි එම සගරාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ..
ඒ අනුව ලොව හොදම පවුල් හිතකාමී ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව නම් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට
- කුච්චවේලි ප්රදේශයෙන් නාඳුනන මළ සිරුරක්
- මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
- පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
- නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
- අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
- මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
- ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට













