කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ගැටලුවක් මත සිදු කර ඇති බවට පොලිසිය සැක පල කරනවා. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටයි විමර්ශන කණ්ඩායම් සමත් වී ඇත්තේ. පෙරේදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් කහවත්ත – බුන්ගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නමැති විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගියා. එමෙන්ම ඔහුගේ මිතුරෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද වෙඩි වැදී තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කෙරුණා. මිය ගිය තරුණයා සහ ඔහුගේ මිතුරා නිවසේ සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් රැගෙන ගොස් තිබුණේ, මාංචු දැමීමෙන්ද අනතුරුවයි. පසුව ඇන්දාන මාර්ගයේ කොස්කෑල්ල වතු නිවාසවලට පහළ ප්‍රදේශයේ පාලූ ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා. මියගිය තරුණයාගේ මළ සිරුර හමු වූ අවස්ථාවේදී ද ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ අතර දණ ගස්සවා වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














