2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයා අත්සනින් යුතුවයි.
ඒ අනුව, 2026 පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන දිනත්, 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 වනදfා සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙනු ඇති.
මීට අමතරව, 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදී, එනම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්














