හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 හෙට කොළඹ “ගෝල්ෆෙස්” හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
“කැළඹිලි වලට මුහුණ දීම: පරිවර්තනය සඳහා එක්වීම” යන්න මෙම සමුළුවේ තේමාවයි.
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පද්ධතිය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම, රෝගීන්ට, ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම, හවුල්කරුවන් සමඟ වැඩ කිරීම සහ වර්තමාන විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙනවා.
අනතුරුවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරිම් අද වන විට ලොව පුරා දියුණුවට පත්ව තිබෙනවා.
මෙම සමුළුව තුළින් ලෝකයේ නවීනතම විශේෂඥ දැනුම මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සමඟ හුවමාරු කර ගැනීම, මෙරට හදිසි අනතුරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලෝකයට ලබාදීමට ද හැකියාව ලැබෙනවා.
ඉහත කරුණු මුලික කර ගනිමින් මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට ද මෙම සමුළුව තුළින් හැකියාව ලැබෙනු ඇති.
උණුසුම් පුවත්
- තෙවැනි වතාවටත් ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ ධූරයට
- බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
- සහන රැසක් සපිරි සුපිරි අයවැයක් පාර්ලිමේන්තුවට – VIDEO –
- ගුරුවරු යලිත් වර්ජනයකට ලෑස්තියි ? – VIDEO –
- මේ ටිකේ හවසට එළියට බහිනවා නම් පරිස්සමෙන් ! – VIDEO –
- හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
- හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
- කැනඩාවේදී ලාංකිකයින් 6 ක් ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්













