ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ( World Junior Tourism Ambassador – 2025 ) තරගාවලියේ දී ජනප්‍රියතම සහ සමාජ මාධ්‍ය ප්‍රතිඵල මත ද ජයග්‍රාහිකාව වූ ඇන්ජලා විමලසූරිය දියණිය ශ්‍රී ලංකාවට පිළිගැනීම සදහා කොළඹ, හැව්ලොක් සිටි හි උත්සවයක් 08/20 දින රාත්‍රියේදී පවත්වන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා දේවි ටොබින් ( Gustina Dewi Tobing ) පැමිණ සහභාගී වූ අතර මීට අමතරව මෙම තරගාවලියේ ජාත්‍යන්තර සංවිධායක පායිස් නෝවා, ජාත්‍යන්තර කැට්ස් වෝක් පුපුහුණුකාරිනිය ශාෆික් කදීර්, මිසලොජි ( Missology International ) සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිනිය වූ ජොසලින් අර්ගුල්, මෙම වැඩසටහනෙහි ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ කාංචනා ඒකනායක ද පැමිණ සිටීම විශේෂත්වයකි.
මෙහිදී පැමිණ සිටි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සියලු දෙනාම ඇන්ජලා විමලසූරිය දියණියට සුභ පැතීමට සහ ආශීර්වාද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා ලදී.