2025 වසරේ ලොව හොඳම පවුල්-හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශේණිගත කර තිබෙනවා.
ලොව සුප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙලෙස ශේණිගත කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් , ජෛව විවිධත්වය ඓතිහාසික උරුමයන් මෙන්ම විශිෂ්ඨ ආගන්තුක සත්කාර ආදිය මෙම ශේණිගත කිරීමට හේතුවී ඇති බවයි එම සගරාව සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ පවුල් හිතකාමී බැදීම මෙම සඟරාව විශේෂයෙන් අගය කර තිබෙනවා.
ස්වීඩනය, නෝර්වේ සහ නවසීලන්තය වැනි රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන බොහෝ පවතින බවයි එම සගරාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ..
ඒ අනුව ලොව හොදම පවුල් හිතකාමී ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව නම් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













