2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන්නේ බංග්ලාදේශ, හොංකොං සහ ඇෆ්ගනිස්ථානයයි.
ඉන්දියාවට, පකිස්ථානය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඒ කාණ්ඩය යටතේ තරගාවලියට පිවිසීමට නියමිතයි.
තරගාවලියේ ආරම්භක තරගය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර තරගයෙනි.
තරගාවලිය දින 17ක් පුරා පැවැත්වීමට නියමිතයි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සිංන් නක්වි විසින් තරගාවලියේ නිල කාලසටහන නිවේදනය කරනු ලැබුවා.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැතවෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය යටතේයි.
මෙවර තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වන්නේ තරග ඉතිහාසයේ පළමුවරටයි.
කාණ්ඩ දෙකෙන්ම පළමු ස්ථානය සහ දෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායම් හතර සුපිරි හතර වටයට සුදුසුකම් ලබනවා.
ඒ අනුව සුපර් ෆෝ තරග වටයේ පළමු තරගය සැප්තැම්බර් 20 වන දින පැවැත්වෙන්නේ බී කණ්ඩායමේ පළමු ස්ථානය ගන්නා කණ්ඩායම සහ බී කාණ්ඩායේ දෙවන ස්ථානය ගන්නා කණ්ඩායම අතරයි.
සුපිරි හතර වටයේ තරග හයක් පැවැත්වීමට නියමිතයි
අවසන් මහා තරගය සැප්තැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිතයි