2025 වසරේ ලොව හොඳම පවුල්-හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශේණිගත කර තිබෙනවා.
ලොව සුප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙලෙස ශේණිගත කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් , ජෛව විවිධත්වය ඓතිහාසික උරුමයන් මෙන්ම විශිෂ්ඨ ආගන්තුක සත්කාර ආදිය මෙම ශේණිගත කිරීමට හේතුවී ඇති බවයි එම සගරාව සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ පවුල් හිතකාමී බැදීම මෙම සඟරාව විශේෂයෙන් අගය කර තිබෙනවා.
ස්වීඩනය, නෝර්වේ සහ නවසීලන්තය වැනි රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන බොහෝ පවතින බවයි එම සගරාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ..
ඒ අනුව ලොව හොදම පවුල් හිතකාමී ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි කොන්ඩේ නස්ට් ට්‍රැවලර් සඟරාව නම් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- කාසල්රී සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළංවෙයි
- වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි
- පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
- ජන සංගණනයෙන් මලයගම් ද්‍රවිඩ ජනයා ගැන හෙළි වූ දේ
- පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 10 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරේ
- ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය ජනවාරියේදී පැවැත්වීමට සැලසුම්
- තව පැය 48යි තීරණාත්මක තීන්දුවක් -VIDEO
- සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට













