හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 හෙට කොළඹ “ගෝල්ෆෙස්” හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
“කැළඹිලි වලට මුහුණ දීම: පරිවර්තනය සඳහා එක්වීම” යන්න මෙම සමුළුවේ තේමාවයි.
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පද්ධතිය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම, රෝගීන්ට, ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම, හවුල්කරුවන් සමඟ වැඩ කිරීම සහ වර්තමාන විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙනවා.
අනතුරුවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරිම් අද වන විට ලොව පුරා දියුණුවට පත්ව තිබෙනවා.
මෙම සමුළුව තුළින් ලෝකයේ නවීනතම විශේෂඥ දැනුම මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සමඟ හුවමාරු කර ගැනීම, මෙරට හදිසි අනතුරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලෝකයට ලබාදීමට ද හැකියාව ලැබෙනවා.
ඉහත කරුණු මුලික කර ගනිමින් මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට ද මෙම සමුළුව තුළින් හැකියාව ලැබෙනු ඇති.
උණුසුම් පුවත්
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
- අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
- තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි














