ශ්‍රී ලංකාව ලාඳුරු තුරන් කළ රටක් ලෙස සහතික කර ඇතත්, පසුගිය වසරේ මෙරටින් ලාඳුරු රෝගීන් 1,325ක් වාර්තා වී ඇතැයි ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා.
එම ව්‍යාපාරය සඳහන් කළේ, වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 10ක් ම වයස අවුරුදු 15ට අඩු ළමයින් බව යි.
එමෙන්ම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණයෙනුත් සියයට 50ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.