මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති බව සදහන්.
එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220 ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි.
පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 20 න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
මේ, ඒ පිළිබදව අදහස් දක්වමින් අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ගාලු මුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම්වලට ඉඩ ලබා නොදෙන බවයි.
ඪදසජැ ක්‍මඑ – බන්දුල 01