2026 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ හේතුවෙන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ප්‍රවේශපත් කවුළු වෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.
‘ඊ‘ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය එළැඹෙන 16 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.














