සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙනවා.
අදාළ වාර්තාව ලබා දී ඇත්තේ එම සිදුවීම පිලිබදව විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියගේ නිල මැදිරියේදීයි.
එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතයි.