ප්‍රංශයේ සිටින ඉන්දියානු සිසුන් සංඛ්‍යාව මේ වසරේ පෙර නොවූ විරූ පරිදි 10,000 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුර ඉන්දියාව සහ ප්‍රංශය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව මේ බව අනාවරණ කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කර ඇති අතර ඉන්දු-පැසිෆික් සහ විවිධ ගෝලීය සංසද සහ මුල පිරීම්වල ඔවුන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමට ද එහි දී එකඟත්වය පළ කර තිබුණා.