බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වැනි ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. මේ අනුව ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද පස්වරු 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළු වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණික තත්ත්වය
- වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
- බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
- කරන්දෙණියේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
- පළාත් පාලන සතිය ලබන 15 සිට 21 වනදා දක්වා
- පක්ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට