අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා සිදු කරන දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ සැකකරුවන් 516ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 28,850ක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.
එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 30ක් හදුනාගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 183කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 485ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 74ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ.
තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,122කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළා.











