78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට අදාළ නිල ලාංඡනය සහ තේමාව එළි දක්වා තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් ළේ ”ගොඩනගමු ශ්‍රී ලංකා” තේමාව සහිතව මෙවර නිදහස් දිනය පවත්වන බවයි.
ඒ අනුව 2026 පෙබරවාරි මස 04 වැනිදා 78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙල පැවැත් වෙනවා.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ අතිගරු ජනාදිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාතික නිදහස් දින උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











