ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති විසින් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අද මාධ්‍යම රාත්‍රියේ සිට තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
පසුගිය සතියේ ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණා.
ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.
මෙම වර්ජනය පසුගිය මස 4 වනදා ආරම්භ කළ අතර මේ වන විටත් අදාළ බලධාරීන්ගෙන් නිසි විසදුම් නොලැබුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කලේ.
එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බවයි.
දින දෙකක ලෙඩ නිවාඩූ ලබා ගනිමින් 17 සහ 18 කොළඹට විදුලි සේවකයින් 21000 ක් ගෙන්වා විරෝධතාවය දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
21 න් පස්සෙ අඛන්ඩ වැඩ වර්ජනයකට සුදානම් බවයි විදුලි වෘත්තීය සදහන් කලේ.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය කිසි විටක පෞද්ගලිකරණය කර නොමැති බවත් ඉදිරියේදීත් සම්පුර්ණ පාලනය අමාත්‍යවරයා හරහා සිදු කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.