ඊයේ (30) ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පිපිරීමත් සමඟ විශාල ගිනි ජාලාවක් හටගෙන ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි දක්වා ද ව්‍යාප්ත වී තිබෙනවා.
අනතුර සිදුවූ වහාම හයිද්‍රාබාද් නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්හල තුළ සේවකයින් 66 දෙනෙකු සිටි බව වාර්තා වනවා.
මියගිය සේවකයින් 12 දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වන අතර පිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවත් බලධාරීන් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.