මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දකුණු මන්නාරම් මුහුදු සීමාවේදීයි.
ඔවුන් පැමිණි මොටර් බොට්ටුව ද නාවික හමුද භාරයට ගනු ලැබුවා.
ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර තිබෙනවා.