මාතර සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලි තිබෙනවා.
අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් තරුණයක් 08 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බවයි නානුඔය පොලිසිය පැවසුවේ.
මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීයි.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.