ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත්ව තිබෙනවා.
එම බස් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව අණාවරණය කළා.
විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගෙන තිබෙන බවයි.
මේ අතර අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද දිනයේ අනතුරට පත් බස්රථය පරීක්ෂා කිරීම සඳහා එක් වනු ඇති.
ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පසුගිය දා අනතුරට ලක් වුනා.
ඒ එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.
ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













