ලුත්ගම – පින්හෙන ගුරුකන්ද ප්‍රදේශයේ දී ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට ලක් ව තිබෙනවා.
එම ප්‍රදේශයේ තිබෙන ළමා නිවාසයකට අයත් ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති අතර එහි ළමුන් පිරිසක් ප්‍රදේශයේ පාසලකට රැගෙන යමින් සිටියදී මෙම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථයට ඔරොත්තු නොදෙන ලෙස පොත් බෑග් සමග දරුවන් නංවාගෙන අධිකවේගයෙන් පල්ලමක් බැසීමේදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදු ව තිබුණා.
අනතුරෙන් තුවාල ලැබූ සිසුන් සහ ත්‍රි රෝද රථයේ රියදුරා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි හය දෙනකු නාගොඩ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.