මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ රාත්‍රීයේදී පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබුනා.
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභික ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නම් 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුනා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කල හිටපු මන්ත්‍රීවරයා ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයෙකු බවයි සදහන් වන්නේ.
ඝාතනය වූ තැනැත්තා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බව ද, ඔහු ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත්‘නැමැත්තාගේ නම භාවිත කරමින් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ වී ඇති බැවින් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නැමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලීසිය සැක පළකරනවා.