ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩය අතික්‍රමණය කළ පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1937 ජනවාරි 9 වැනි දා කොළඹ දී උපත ලැබු ඇය මිය යන විට 88 වැනි වියෙහි පසු වුණා.
1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය 1955 වසරේ දී මිස් යුනිවර්ස් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී දෙවැනි අනුශූරතාව දිනා ගෙන තිබෙනවා.
ඉන් පසු ඇයට හොලිවුඩයේ වරම් හිමි වෙමින් 1958 දී ඇය “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබී තිබුණු අතර,එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව වාර්තා වනවා.
මෙලෙස Play Boy සගරාවේ රුව පලවූ පළමු ලාංකික කාන්තාව වන්නෙත් ද ඇයයි.