රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ විදේශගතව සැඟව සිටින අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සහ ඊට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය හෙළිකරගෙන ඇත්තේ ඉතා සූක්‍ෂ්ම ලෙස සංවිධානය වූ ජාලයක් හරහා සංවිධානාත්මක අපරාධකරුවන්ට, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ රුපියල් කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා එල්ල වූ මූල්‍ය අපරාධකරුවන්ට ඉකුත් කාලයේදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර රැසක් සකස් කරදී ඇති බවයි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දුටුතැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට මෙලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මෙම කණ්ඩායම විසින් සකසා දී ඇති බවයි.