වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් සහ හොරණ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රථ වාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා .
ඒ රිය අනතුරු අවම කිරීම සදහා අද සිට ක්‍රියාත්මක කරන නව නීති රෙගුලාසි වලට අනුකූලවයි.
මෙම මෙහෙයුමේ දී අධික කළු දුම් සහිත ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන හා රථවාහනවල සීට් බෙල්ට් ඇතුළු අමතර උපාංග හා කොටස් සවිකර ඇති බස් රථ ඇතුළු පුද්ගලික වාහන පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
අද පෙරවරුවේ ආරම්භ කළ මෙම පරික්ෂාවේ දී පෙට්‍රල් රථ වාහන 66 ක්, ඩීසල් රථ වාහන 56ක් සහිතව වාහන 120ක් පරීක්ෂාවට ලක් කර තිබුණා.
එහිදී පෙට්‍රල් රථවාහන 8ක් සහ ඩීසල් රථ වාහන 43ක් අධික කළු දුම් සහ වාහන අඩුපාඩු නිවැරදි කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කිරීම සඳහා නියෝග කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්රලේඛයක්











