හොරණ ඇසළ මහා පෙරහැර හෙවත් හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාත්‍රී 8 .00 යෙදෙන සුභ මොහොතින් හොරණ රාජමහා විහාරස්ථානයෙන් පෙරහැර මංගල්ලය ආරම්භ වීමට නියමිතයි.
ඉන් පසුව පෙරහැර මංගල්ලය හොරණ නගරය වටා වීදි සංචාරය කර හොරණ වෑවල ඉසිපතනාරමය වෙත ගෙවදීමට නියමිතව තිබෙනවා.
දේව දූත පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ හොරණ නගරයේ රථ වාහන කටයුතු එක් මන් තීරුවක් දක්වා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි හොරණ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන් අනතුරුව හෙට රාත්‍රියේ හොරණ මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










