මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙහිදී හෙට දිනයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබා දෙන අධිකරණ තීන්දුව පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානය මෙරට තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔවුන් එහි දක්වා ඇත්තේ ජනතාවගේ ඡන්ද බලය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය පිළිබද දැඩි කණස්සල්ල පළ කරන බවයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මැතිවරණයක් පැවැත්විමට නොහැකි බවට රජය තර්ක ඉදිරපත් කරමින් සිටින බවයි.
මේ තුළින් ඉදිරියේදී බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට සිය ලිපිය මගින් නිදහස් ජනතා සන්ධානය පෙන්වා දී තිබෙනවා.